මම ඉන්නේ හැමදාම ජනතාව එක්ක - පුලුවන්නම් මගේ එක බිලියනයක් හොයල පෙන්නන්න.

විදේශ බැංකු ගිණුම්වල දැමූ බව කියන ඩොලර් බිලියන 18 සොයාදෙන තුරු තමන් තවමත් බලාගෙන සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඩොලර් බි...

විදේශ බැංකු ගිණුම්වල දැමූ බව කියන ඩොලර් බිලියන 18 සොයාදෙන තුරු තමන් තවමත් බලාගෙන සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඩොලර් බිලියන 18 කෙසේ වෙතත් එක බිලියනයක් හෝ සොයා දෙන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා අවධාරණය කරයි.

එසේම තමාට පමණක් නොව නාමල් රාජපක්ෂට ද මේ ආකාරයට විදේශ ගිණුම්වල මුදල් ඇති බවට ලියුම් එවා ඇතැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද බත්තරමුල්ලේදී නව මහජන සම්බන්ධතා කාර්යාලයක් විවෘත කරමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හා මහජන සබඳතා කාර්යාලය අද (12) පෙරවරුවේ විවෘත කෙරුණේ බත්තරමුල්ල, නෙළුම් මාවත ප්‍රදේශයේදීය.

එම අවස්ථාවට සංඝරත්නය, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමාරයා ඇවිත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක්, ස්වාධීනත්වයක් නැතැයි ප්‍රකාශ කර ඇති බවයි.

එසේම අධිකරණයේ කටයුතු වලට දේශපාලන අතපෙවීම් සිදුවන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවත්, මෙරට අධිකරණ පද්ධතිය හුසේන් කුමාරයාගේ එම ප්‍රකාශය සත්‍ය කියමනක් බවට පත්නොකර කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනූව තමන් එම ප්‍රකාශය හෙළාදකින බවද පැවසු හිටපු ජනපතිවරයා මානව හිමිකම් සංවිධානයේ කටයුතුවලට අනූව ලංකාවට එක නීතියකුත් වෙනත් රටවලට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම අනුමත නොකරන බවද පෙන්වාදුන්නේය.

‍එසේම අද වන විට මෙරට මාධ්‍ය නිදහස අර්බුදයකට ලක්ව ඇති බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා පළමු වතාවට පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ගේ නම් පවා කියන බවත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පවා බලපෑම් එල්ල වී ඇති බවත්, ඔහු කීවේය.

ජනවාරී 8 පරාජයෙන් පසුව බලය අතහැර පක්ෂයේ සභාපතිකම පවා ලබාදුන් බවද කියා සිටි ඒ මහතා ජනතාව තවමත් තමන් සොයා එන බවද "ජනතාව කොතැනද මහින්ද එතැනයි" යනුවෙන් වැඩිදුරටත් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5689198429771606368

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item