නිදහස් පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද - මහින්ද එළවීමට ඊයේ රාත්‍රී රහසිගත සාකච්චාවක්

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ රැස...

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ රැස්වීම පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

වර්තමාන දේශපාලන තත්ත්වය, පළාත් පාලන මැතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

පළාත් පාලන මැතිවරණයේදී පක්‍ෂයක් ලෙස කටයුතු කළයුතු ආකාරය පිළිබද මෙම සාකච්ඡාවේදී වැදගත් තීන්දු තීරණ ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමිය යුතු බවට වූ යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ගෙන ආ යුතු බවට ඊයේ සවස ශ්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොලඹ නිවසේදී සාකච්චා වී තිබේ. ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් පක්‍ෂ අවසරයකින් තොරව රැුස්තරමින් නව දේශපාලන පක්‍ෂයක් ගැන ඔවුන් පොළඹවමින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයා යයිද ඔවුන් අතර සාකච්චා වී ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමට හිටපු ජනාධිපතිවරයා විශාල වශයෙන් උත්සාහ දරමින් සිටින්නේ යයිද ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8930871553258340509

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item