ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩය

"ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස සමරන මේ අවස්‌ථාවේ දේශයේ ස්‌වාධීනත්වය, ස්‌වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්‌ඩතාව හා සිංහල, දෙමළ, මුස්‌ලිම්,...

"ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස සමරන මේ අවස්‌ථාවේ දේශයේ ස්‌වාධීනත්වය, ස්‌වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්‌ඩතාව හා සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්‌වල සංස්‌කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්‍ෂිත කිරීමට ද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අපට හැකිවීම සමස්‌ත ජනතාවගේම පරම භාග්‍යයක්‌ ලෙස අපි සලකන්නෙමු.

ඉකුත් වසරක කාලය තුළ මේ උදාර අපේක්‍ෂාවන් නොබිඳ ආ ගමනේ අභිනව පියවර උදෙසා ශක්‌තිමත්ව හා බුද්ධිමත්ව පියනැඟීම අපගේ අධිෂ්ඨානය වී තිබේ. බියෙන් තොර සමාජ, දේශපාලන වාතාවරණයක සියලු දෙනාට අභිමානවත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අපේක්‍ෂාව මල් ඵල ගැන්වීමට ද අපි කැපව සිටින්නෙමු.

සාධාරණ සමාජයක්‌ පිළිබඳ වූ ජනතා සිහින යථාර්ථයක්‌ බවට පත්කිරීමටද නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදයේ යථාර්ථවාදී ජයග්‍රහණ පොදු මානව සමාජයේ හිමිකමක්‌ බවට පත් කිරීමට ද අපි අධිෂ්ඨාන පූර්වකව ක්‍රියා කරන්නෙමු.

ජාතික සංහිඳියාව, සහෝදරත්වය තුළින් එකම රටක්‌, එකම ජාතියක්‌ ගොඩනැංවීමටත් අපි කැපවන්නෙමු. අප මවුබිමේ ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩතාව රැක ගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරන ලද්දා වූද ඒ සඳහා කැපකිරීම් කළ අපගේ රණවිරුවන් ද මෙහිදී ආදරය ගෞරවය හා කෘතවේදිත්වය පෙරදැරිව සිහිපත් කළ යුතුය."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8613369442279284857

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item