සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?
නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නො...
http://www.sathhanda.com/2016/02/blog-post_52.html
නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.
ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.
පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය.
දෙමළ අන්තගාමි හේතු නිසාවෙන් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරන්නේ නොමැති නම් ඔහුගේ සහ මෙරටින් තුරන් කල LTTE අන්තගාමින්ගේ දර්ශනයෙන් වෙනස් වන්නේ නොමැත.
එමෙන්ම ඔහු අමතක වුව හෝ එය වැදගත් කොට නොසැලකුවේ නම් ඔහු විපක්ෂ නායක ලෙස තමන්ගේ වගකීම මැනවින් ඉටු කරනවද යන්න විවාදාත්මකය. බැලු බැල්මට දැනට පෙනෙන ලෙස විපක්ෂයේ කාර්ය භාරය සිදු කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නිසාවෙන් සන්බන්ධන් සැනසිල්ලේ සිටිනවද විය හැකිය.
Is he leaving politics now?
ReplyDelete