යෝෂිත බලන්න ආණ්ඩුවේ ඇමතිවරු යයි - බන්ධනාගාරය තුල මහින්ද හමුවී රහස් සාකච්චාවක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ බැලීමට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ස...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ බැලීමට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බන්ධනාගාරය තුළ සාකච්ඡාවක නිරතව ඇතැයි වාර්තා වේ.

යෝෂිත බැලීමට ගිය නියෝජ්‍ය අමාත්‍යවරුන් විනාඩි 45කට වඩා වැඩි කාලයක් බන්ධනාගාරය තුළ රැඳි සිට ඇතැයි ද වාර්තා වේ.
ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවත්වූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසා ඇතත් සාකච්ඡා කළ කාරණා ඔහු මාධ්‍යට හෙළිකර නොමැත.මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලංසා, අරුන්දික ප්‍රනාන්දු, අර්ල් ගුණසේකර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමට අනුව ශ්‍රීලනිපයේ තමන් ඇතුළු පිරිස් ආණ්ඩුවට එක්වී නියෝජ්‍ය අමාත්‍ය පදවි ලබාගත්තද,ඒවා දමා එළියට බැසීමට හෝ තීන්දුවක් ගැනීමට සූදානම් බව මුතුහෙට්ටිගම මහතා අවධාරණය කළේය. යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකිරීම දේශපාලන පලිගැනීමක් නොවන්නේනම් එම අධ්‍යක්ෂ මණ්ඩලයේම සිටි රවී කරුණානායක අමාත්‍යවරයාගේ මස්සිනා අත්අඩංගුවට නොගෙන සිටින්නට හැකියාවක් නැතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7693186925642217963

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item