වාලක්කඩියා සපා කෑමෙන් දෙදරු පියා රෝහලේ (PHOTOS)

වාලක්කඩියා නමැති මත්සයෙකු සපා කෑමේන් පුද්ගලයෙකු රෝගිව අද (5) දහවල් හලාවත දිස්ත‍්‍රික් මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම මත්සයා හලාවතින් මුහුද...

වාලක්කඩියා නමැති මත්සයෙකු සපා කෑමේන් පුද්ගලයෙකු රෝගිව අද (5) දහවල් හලාවත දිස්ත‍්‍රික් මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම මත්සයා හලාවතින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට හමු වී තිබෙන අතර එම අපුරු සත්වයාවද මරා රෝහල වෙත ගෙනැවිත් සිටියා. අනතුරට මුහුණ දි ඇත්තේ හලාවත වටිටක්කලිය රේල් ගේටිටුව අසල පදිංචි දෙදරු පියෙක් වන සිවා රෝහණ නමැති අයෙක්. ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි දෙයක්

"මම දිනපතා මාළු කඩයට යනවා මාළු තෝරලා කියක් හරි හොයා ගන්න ඒ වාගේම අදත් මාළු කඩේට ගියා. දහවල් 10ට විතර මාළු මරන්න ගොස් සිටි බෝටිටුවක් කලපුව දිගේ මාළු කඩේ ලඟට ආවා. එකේ සිටි මාළුන් තොරමින් සිටිය දි මම දුටුවා අපුරු කොටි හමක් පොරව ගත්ත මාළුවෙක් ඉන්නවා.

ඌ ඇමක් ගිල දමා සිටියා මේ නිසා මම එම මත්සයා බේරන්න තැත් කළා. ලගට ගියා විතරයි එම මත්සයා පැනපු ගමන් මාව කෑවා. බියට පත් මම පොල්ලක් අරංගහලා මේ අපුරු මාළුවව මරා දැමිමා. ඇඟට අමාරුවක් දැනුන නිසා මම මේ සත්වයාවද රැගෙන ආවා. 

පස්සේ මාව 18 වැටිටුවට ඇතූළත් කළා. පස්සෙයි මම දැන ගත්තේ මේ මත්සයා විස සහිත එකෙක් කියලා ඌ වාලක්කඩියෙක්" යැයිද ඔහු පැවසුවා.

මෙම මත්සයාගේ දිග අඩි 4ක්. බර කිලෝග‍්‍රෑම් 6ක්.මුළු සිරුර පුරා කොටියෙකුගේ මෙන් පුල්ලි දක්නට ලැබෙනවා.

මෙම මත්සයා සමිබන්ධයෙන් විමසු විට හලාවත සහකාර ධිවර අධ්‍යක්ෂ අනුර ජයසේකර පෙන්වා දුන්නේ මෙම සත්වයා කලාතුරකින් දැකිය හැකි වාලක්කඩියෙකු බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3821086462625207013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item