වසර කිහිපයකට පසු සරසවි සිසුවිය කෙළෙසූ කෝටිපති පුත්‍රයාට වැඩ වරදියි

තමා ජා-ඇල පොලිසියේ ස්‌ථානාධිපති බව අඟවා නිවසට යෑම සඳහා බස්‌ නැවතුම්පොළේ රැඳී සිටි සරසවි ශිෂ්‍යාවක බියට පත්කොට බලෙන් රැගෙන ගොස්‌ තම පියාට අය...

තමා ජා-ඇල පොලිසියේ ස්‌ථානාධිපති බව අඟවා නිවසට යෑම සඳහා බස්‌ නැවතුම්පොළේ රැඳී සිටි සරසවි ශිෂ්‍යාවක බියට පත්කොට බලෙන් රැගෙන ගොස්‌ තම පියාට අයත් ලැගුම්හලක්‌ තුළ දී ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු වූ කෝටිපතියකුගේ තරුණ පුතෙකුට බස්‌නාහිර පළාත් මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය වසර 37 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (3) නියම කළාය.

ඊට අමතරව දූෂණයට ලක්‌ වූ සරසවි සිසුවියට රුපියල් ලක්‍ෂ 27ක වන්දියක්‌ ගෙවීමට සහ රුපියල් 45,000 ක දඩයක්‌ ගෙවීමටත් නියම කෙරුණි.

වත්තල හුණුපිටිය පදිංචි හේවාතන්ත්‍රීගේ නුවන් ජනක නමැති 28 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ දඬුවම් හිමි විය.

"තමා ධනය සහ බලය පෙරටු කරගෙන සමාජය දීප්තිමත් කිරීමට සිටි අහිසංක සරසවි ශිෂ්‍යාවකගේ අනාගතය අඳුරු කළා. තමාගේ තාවකාලික ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාපතර සහ තිරිසන් ලෙස සරසවි ශිෂ්‍යාවගේ අනාගතය කෙළිබඩුවක්‌ ලෙස සලකා විනාශ කලා. මෙවැනි බරපතළ වැරදිවලට අධිකරණයෙන් උපරිම, දඬුවම් ලබා දීමට පසුබට වන්නේ නෑ"
විත්තිකරුට දඬුවම් නියමකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නමිය එසේ පැවසුවාය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1152684635059518567

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item