උඩුවේ හිමිගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් අවසර

නීතිවිරෝධීව අලි පැටවෙකු ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ඉල්ලා උන්වහන්සේගේ නීතීඥවරුන් ඇප අයැදුම්පතක...

නීතිවිරෝධීව අලි පැටවෙකු ලග තබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ඉල්ලා උන්වහන්සේගේ නීතීඥවරුන් ඇප අයැදුම්පතක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිෂාන්ත පීරිස්ට අද (10) ඉදිරිපත් කළා.

එම ඇප අයැදුම සලකා බැලීම හෙට (11) දිනයේ සිදු කිරීමට නියමිතයි. එමෙන්ම අපවත් වී වදාල අස්ගිරි මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට වැඩම කිරීමට උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවසර ලබාදෙන ලෙසද නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහර බන්ධනාගාරයට අද පැමිණියා. ඊට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වී සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3653095733071291879

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item