ඇත්ත මොකක් ද? මේ අගාධයට රට ඇද දැමුවේ මහින්ද ද? රනිල් ද?

01) මහ බැංකු බැදුම් කර මගඩිය. මේ හරහා රජයට සිදු වන සමස්ත පාඩුව වසර 30ක් බලපාන අතර දැනට මේ වංචාවට වසරක් සපිරේ. සමස්ත පාඩුව කොටි 7000 ඉක්මවයි...

01) මහ බැංකු බැදුම් කර මගඩිය. මේ හරහා රජයට සිදු වන සමස්ත පාඩුව වසර 30ක් බලපාන අතර දැනට මේ වංචාවට වසරක් සපිරේ. සමස්ත පාඩුව කොටි 7000 ඉක්මවයි.

02) රුපියල අවප්‍රමාණය විම. ඩොලරය සදහා වන රුපියල් අගය 132 සිට 144 දක්වා රු 12කින් අව ප්‍රමාණය වුයේ රනිල්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එනම් 9%ක අවප්‍රමාණයකි, සෑම ඩොලරයක් සදහාම රු 12ක අමතර මුදලක් ගෙවීමට සිදුවේ. මේ නිසා රජ්‍ය ණයද කෝටි ගණනින් ඉහල ගියේය. ආසන්න වශයෙන් දැනට කෝටි 16 000කින් පමණ රජ්‍ය ණය වැඩිවි ඇත.

03) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා එපා කියමින් අනතුරු ඇගවු නමුත් තම මැතිවරණ ජයග්‍රහණයක් උදෙසා සමස්ත රටම අගාධයට ඇද දමමින් රු 10 000ක වැටුප් වැඩි කිරීම. ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවකයන් සදහා මසකට රු 10 000 බැගින් වසරක් සදහා 1 400 000 * 10 000 * 12 = රු 168 000 000 000

04) ගැබිනි මව් වරුන් සදහා රු 20 000ක දිමනාව. ශ්‍රි ලංකාවේ ජනගහනය වර්ධන අනුපාතය අනුව මේම වැඩසටහන සදහා පමණක් වසරකට රු 28 500 000 000ක මුදලක් අවශ්‍ය වේ

05) එක් පාර්ලිමේන්තු සාමාජිකයෙකු සදහා වන විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන රුපියල් මිලියන එකක සිට මිලියන 10ක් දක්වා වැඩි කිරිම. මේ අනුව රාජ්‍ය වියදම ඉහලයෑම මිලියන 2100කි.

06) වී අලෙවියේදි සිදු කල දැවැන්ත අලාභය. කිලෝවක් රු 45ට මිලට ගත් වි රු 5ක පරිපාලන වියදමි දරමින් නඩත්තු කොට රු 50ක වියදමි දරා කිලෝවක් රු 38 බැගින් මෙට්‍රික් ටොන් 4200ක් බියර් නිෂ්පාදනයට නිකුත් කිරීම. මෙමගින් සිදු වු පාඩුව කිලෝවකට රු 12 බැගින් කිලෝ 4200 000ක රු 50 400 000

07) ඒසේම පසුගිය 2015 වසර සදහා කිසිදු සංවර්ධන වැඩක් නොකොට පාරිභෝජනය සදහා රු බිලියන 970ක ණය මුදල් ලබා ගෙන ඇත, මහින්ද ණය ලබා ගත්තේ ආයෝජනය සදහා වන අතර වත්මන් ආණ්ඩුව ණය ලබා ගත්තේ පාරිභෝජනය සදහාය, ආයෝජනය සදහා ලබා ගන්නා ණය අනාගත පරම්පරාව භුකිතිවිදින අතර පාරිභෝජනය සදහා ලබා ගන්නා ණය ඉතිරි වන්නේ ලැට් වලවල් වල පමණි.

මේම අගාධයට රට ඇද දැමුවේ වත්මන් පාලනයේ මහ මොළ කරු රනිල් වන අතර, ඔහු ගතවු මේම කාලය තුළ 11 වතාවක් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇත, මේ නිසාම පෞද්ගලික ආයෝජන පවා දිනෙන් දින රට හැර යෑම සිදු විය, ආර්ථික විචල්‍යයන් නිතර නිතර වෙනස් වන විට ආයෝජකයන් රට හැර යෑම සිදුවේ, වරක් වහන මිල සුළු අඩු කිරිමක් සිදු කොට නැවත් අවස්ථා තුනකදි අධික බදු පැටවීමක් සිදු කලේය,

තවද පසුගිය වසර බලාපොරොත්තු වු ආදායම් උපයා නොගත් වසරක් වුයේ සුපිරි වාසි බදු, මන්දිර බදු වැනි නව බදු හඳුන්වා දි සරදියෙල් අයවැයක් ලෙස පම්පොරි ගැසු නමුත් ඉහති කි කිසිදු බදු මුදලක් ක්‍රියාත්මක කලේ නැත, තම හිති මිතුරන්ගේ ඉල්ලම් දෙස බලා එම බදු අය නොකර සිටිමට රජය තීරණය කලේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය උදෙසා තව තවත් රට අගාධයට ඇද දමමිනි,

රාජපක්‍ෂ‍ රජය විසින් ලබාගත් ණය ආපසු ගෙවීමට තිබෙන නිසා ජනතාව මත බදුබර පැටවීමට සිදු වූ බව රනිල් වික්‍රමසිංහ පැවසුවත්, මහ බැංකු දත්ත පිරීක්සීමේ දී හෙළි වන්නේ මහින්ද රජයෙන් ගත් ණය නොව, මේ රජය බලයට පත්වීමෙන් පසු 2015 දී ම සිය මූල්‍ය කළමනාකරන දුබලතා හා නොයෙක් ආකාර යටිමඩි ගැසීම් නිසා ලබාගත් ණය ම 2016 දී ගෙවීමට ඇති සමස්ත ණයවලින් සියයට 60ක් සමන්විත බවයි.

වත්මන් රජය 2015 වසරේ දී ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර හරහා ඩොලර් බිලියන 1ක ණයක් ගන්නේ ය. වසරකින් කල් පිරෙන ලෙස ලබා ගත් එම ණය මේ වසරේ දී ගෙවිය යුතු ය. මීට අමතර ව, පසුගිය අප්‍රේල්- අගොස්තු අතර ඉන්දියාව සමග ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරු පහසුකමකට ලංකාව එලඹ තිබේ. මෙම ගෙවීම් දෙක පමණක් ම 2016 වසරේ ගෙවීමට තිබෙන මුළු ණය මුදලින් ඩොලර් බිලියන 2.5ක් තරම් විශාල කොටසකි. පසුගියද දා ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් කළ ගණනය කිරීමට අනුව අපට 2016 වසරේ දී ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කි. මෙහි අර්ථය කුමක් ද? එනම් මේ වසරේ ගෙවීම‍ට තිබෙන මුළු ණය මුදලින් සියයට 60ක් ම වත්මන් ආණ්ඩුව විසින් පසුගිය වසරේ ලබාගත් ණය පමණක් බව ය.

වත්මන් රජයේ ණය හා මහින්ද රජයේ ණය අතර ප්‍රධාන වෙනසක් තිබේ. එනම් මහින්ද රජය විසින් ලබාගත් ණය සියල්ල රටේ සමස්ත සංවර්ධනය සඳහා යොදා ගත් අතර වත්මන් ආණ්ඩුව ණය ගත්තේ එදාවේල දිවීමට හා යටිමඩි ගැසීම් සඳහා ය. මහබැංකු වංචාව මෙහි දී මග නොහැරිය යුතු නිදසුනකි.
 
-ධනුෂ්ක 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7470499538436770609

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item