උදුල් ප්‍රේමරත්න බීලා ගිහින් තරුණියකගේ කාර් එකක් හප්පලා (PHOTOS)

කලක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සහ වර්තමානයේ නීතිඥයෙකු ලෙස කටයුතු කරන උදුල් ප්‍රේමරත්න මත්පැන් පානය ක...

කලක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සහ වර්තමානයේ නීතිඥයෙකු ලෙස කටයුතු කරන උදුල් ප්‍රේමරත්න මත්පැන් පානය කර සිය මෝටර් රථය අනතුරකට ලක් කළ බව පවසමින් තරුණියක් ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

විදුෂි රඹුක්වැල්ල නම් වන ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමාට පිළිකුල් සහගත අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ බවයි. සිද්ධිය විස්තර කරමින් ඇය සඳහන් කර ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් තිබූ සිය රථය පිටුපසින් පැමිණි අදාළ පුද්ගලයා හැප්පූ බවත් පසුව ඔහු ඒ පිළිබඳව සමාව ගත් බවයි.

ඔහු ඒ අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවත් උදුල් ප්‍රේමරත්න ආනන්ද - නාලන්ද බික්මැච් හී විනෝද වී පැමිණෙමින් සිටි බවත් සඳහන් කර තිබෙනවා. අනතුරෙන් පසුව උදුල් ප්‍රේමරත්න සිය රක්ෂණ සමාගමට ඇමතුම් ගනිමින් සිටි බවත් තමා ඒ අවස්ථාවේදී තමාගේ අලාභය ගෙවන මෙන් ඔහුට කීවත් ඔහු රක්ෂණ නියෝජිතයෙකු පැමිණෙන තෙක් සිටින්නයැයි පැවසූ බවත් සටහන් කර තිබෙනවා.

තමා එම අවස්ථාවේ තනියම සිටි නිසා මිතුරෙකුට ඇමතුමක් ගෙන පැමිණෙන ලෙස පැවසූ බවත් මත්පැන් පානය කරමින් සිටි උදුල් ප්‍රේමරත්නට තමන්ගේ ඇස් අවධියෙන් තබා ගැනීමට පවා නොහැකිව සිටි අයුරු තමා හොඳින් නිරීක්ෂණය කළ බවත් සටහන් කර තිබෙනවා.

යලිත් වරක් තමාගේ අලාභය ගෙවන ලෙසට උදුල් ප්‍රේමරත්නට පැවසූ විට ඔහු එහිදී සඳහන් කළේ තමාගේ බිරිඳ ගැබිණියක් බවත් ඇය රෝහල් ගත කර ඇති බවත් තමා ඉක්මණින් යායුතු බවත් සඳහන් කළ බවයි. එහිදී විදුෂි රඹුක්වැල්ල සිය සටහනින් පෙන්වා දී ඇත්තේ උදුල් ප්‍රේමරත්නගේ බිරිඳ එවන් තත්ත්වයක සිටීනම් ඔහු මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියේ කෙසේදැයි යනුවෙනි.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව උදුල් ප්‍රේමරත්න වෙනත් කතාවක් මුල සිටම ගොඩ නැගීමට උත්සහ කළ බවත් ඇය සටහන් කර තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ උදුල් ප්‍රේමරත්න තමාගේ අලාභය ගෙවීමට අදිමදි කළ බවත් ඒ හේතුවෙන් තමා පොලිසිය වෙත ගොස් මේ පිළිබඳව පැමිණිලි කළ බවත් සටහනේ දක්වා තිබෙනවා. පොලීසි යෑමට උදුල් ප්‍රේමරත්න විසින් අකමැති වූ බවත් ඔහු නිසැකවම ලංකාවේ නීතිය දැන සිටින බවත් ඔහු මත්පැන් පානය කර ඇති බවද ඔහු නිසැකවම දැන සිටි බවත් ඇයගේ සටහනෙන් දැක්වෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4522469046450194912

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item