ලිංගික අපවාද චෝදනා හේතුවෙන් FUTA ප්‍රධානියකුගේ විශ්වවිද්‍යාල සේවය ඇන හිටුවයි
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශාධිපතිගේ සේවය මෙලෙස ඇත හිටුවා තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආ...

https://www.sathhanda.com/2016/03/futa.html
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශාධිපතිගේ සේවය මෙලෙස ඇත හිටුවා තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය ප්‍රකාශ කලේ තමුන්ට නිල වශයෙන් ඔවුන්ට දැනුම් දී නොමැති නමුත් එම චෝදනා පිළිබඳව තමුන් දැනුවත්ව සිටින බවයි. එසේම අදාල පුද්ගලයා විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ සංගමයේ සභාපති බව තමන් නොදැන සිටි බව විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ සංගමයේ ලේකම් පවසනවා.
ලිංගික අතවර වැනි කරුණු පිළිබඳව ක්ෂණික දැනුවත් කිරීම සඳහා විශ්ව විද්‍යාලය තුල විශේෂිත දුරකථන අංකයක් ස්ථාපිත කල යුතු බව විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව ප්ලුල් පරීක්ෂණයක් කල යුතු බවත් CCSL සංගමය පවසනවා.
කෙසේ නමුත් සිදුවීම පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී සති තුනක් ගතවන තුරුත් ඒ පිළිබඳව නිසි පියවරක් ගැනීමට පාලනාධිකාරිය අසමත් වූ බව විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාන්තා සංගමයේ කැඳවුම්කරු ප්‍රියදර්ශනී ආරියරත්න ප්‍රකාශ කරනවා.
--The Nation
--The Nation
Related