සෝභිත හිමිගේ අපවත් වීම අධිකරණයටත් ප‍්‍රශ්නයක් වෙයි

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත‍්‍රාත් අධ...

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් මරණ සහතිකයේ දක්වා ඇති කරුණු සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකරන ලෙසයි අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ලබාදුන් ප‍්‍රතිකාර සහ උන්වහන්සේ ඊට පෙර ලබාගත් ප‍්‍රතිකාර එකිනෙක සැසඳේදැයි ද සොයා බලන ලෙස මෙම නියෝගයේ සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා. 

 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සැකකටයුතු බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් දා ප‍්‍රකාශයක් ද ලබාදුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කලේ ඒ අනුවයි.  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7009550973000477443

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item