කැකිල්ලේ රජු තාම පන පිටින් - චාවකච්චේරියේ බෝම්බ ගැන දිනේෂ් සහ විමල්ගෙන් ප්‍රශ්ණ කරයි

චාවකච්චේරියෙන් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා  ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත්...

චාවකච්චේරියෙන් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා  ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කිසියම් පුද්ගලයෙකුගෙන්  ප්‍රශ්න කිරීමට පොලිසියට මූලික තොරතුරක් තිබිය යුතු බවයි.

තමන් ප්‍රකාශය ලබාදීමට පෙර අදාළ මූලික තොරතුරේ පිටපතක් ඉල්ලා සිටියද එය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ප්‍රතික්ෂේප කළ බවයි.

ජී.එල් පීරිස් සඳහන් කළේ සාක්ෂි පනත යටතේ මූලික තොරතුරේ පිටපතක් ලබාදීම පොලිසියේ වගකීමක් වනවා එම නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි ජී.එල් පීරිස් සඳහන් කළේ.

මේ අතර චාවකච්චේරියෙන් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විපක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වනවා.

බෝම්බ සොයා ගැනීමෙන් පසු අදාළ මන්ත‍්‍රීවරුන් ඒ පිළිබඳ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ මුල්කර ගනිමින් මෙම ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ඇති.

දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1909830781732749510

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item