ශ්‍රීලනිපයේ තවත් මන්ත්‍රීවරු 51කට ජනපති අනතුරු අඟවයි - අලුත් අසන සංවිධායකින් අමතා ජනාධිපති පැවසු දේ

පක්ෂයේ විනය නීති දැඩි ලෙස උල්ලංඝනය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ක්‍රියා කරන මන්ත්‍රීවරු පනස් එක් දෙනාගේ ආසන සංවිධායක ධූර සහ මන්ත්...

පක්ෂයේ විනය නීති දැඩි ලෙස උල්ලංඝනය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ක්‍රියා කරන මන්ත්‍රීවරු පනස් එක් දෙනාගේ ආසන සංවිධායක ධූර සහ මන්ත්‍රීධුර අහෝසි විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවැසූයේ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (17) පැවැති ආසන, දිස්ත්‍රික්ක සංවිධායකවරුන් හතළිස් දෙනකු සඳහා නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පක්ෂයක් දෙකඩ කර ආණ්ඩු බලයක් ලබා ගත් පක්ෂයක් පිළිබඳ දේශපාලන ඉතිහාසයේ සටහන් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක මහත්වරු එක්සත් ජාතික පක්ෂය කැඩීමෙන් එජාපයට සිදුවූ පරිහානිය උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වීය හැකි බව ද අනාවරණය කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය 'අත ලකුණින්' තරග කිරීමට අපේක්ෂා කරන බවත් එය ජයග්‍රාහි මාවතකට රැගෙන යෑම තම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

වසර 2020 දී ආණ්ඩු බලයක් ලබා ගැනීම සඳහා පක්ෂය මෙහෙයවීම තමාගේ ඒකායන අරමුණ බව පැහැදිලි කළ ජනාධිපතිවරයා දශක හතරකට වඩා වැඩි කාලයක් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු තමා පක්ෂයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ මැනවින් දන්නා බව අනාවරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1251720510150464396

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item