කොලොන්නාව කුණු කන්ද දින සීයකින් ඉවත් කරනවා
කොළොන්නාව ජනතාවට විශාල පීඩාවක් වී ඇති මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන දින සියයක් ඇතුලත ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එ...
http://www.sathhanda.com/2016/08/blog-post_798.html
කොළොන්නාව ජනතාවට විශාල පීඩාවක් වී ඇති මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන දින සියයක් ඇතුලත ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කොළොන්නාව ප්‍රදේශයේ පැවැති ජන හමුකදී පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වීය,
පසුගිය කාලේ මීතොටමුල්ල කුණු කන්ද බලහත්කාරයෙන් කොළොන්නාවට ගෙනත් දැම්මේ. මේ නිසා අපේ ප්‍රදේශයේ ජන ජීවිතය කඩන් වැටිලා. ජනතාවටගේ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පිරිහිලා ගිහිල්ලා ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලයි තිබුනේ. ඒ නිසා තමයි කොළොන්නාව කිව්වම කුඩුයි කුණුයි යන නම රට පුරාම ප්‍රචලිත වෙලා තිබුනේ. පසුගිය ආණ්ඩුව ගෙනත් දාපු මේ කුණු ප්‍රශ්නය අපි ඉදිරිපත් වෙලා තියෙනවා විසදන්න. ගරු අග්‍රාමාත්‍යතුමත් මමත් පොරොන්දු වුනා මේක විසදනවා කියලා. විශේෂයෙන්ම ගරුතර මහා සංඝරත්තනය, ඒ වගේම අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මැදිහත් වීමේ හයිය දිගින් දිගටම ලබා දුන්නා මේ ප්‍රශ්නය විසදන්න. ඒ වගේම කුණු කන්ද විරෝධී උද්ඝෝෂණයේ සිටින සාමාජික මහත්වරුත් විශාල උත්තේජනයක් ලබා දුන්නා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස මට මේ ප්‍රශ්නය විසදන්න කියලා. ඒ නිසා අද මට බය නැතිව කියන්න පුළුවන් අවශ්‍ය මූලික පියවර අරගෙන ඉවරයි. තව මාස දෙක තුනක් ඇතුලත සම්පුර්ණයෙන්ම කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැසටහන ආරම්භ කරනවා කියලා.
වීශේෂයෙන්ම , රජයේ ආර්ථික කමිටුවේදි ගරු අග්‍රාමාත්‍යතුමා තීන්දුව අරගෙන තියෙනවා. ඒ අනුව, පළවෙනි පියවර ලෙස දින සියයක් ඇතුළත කොළොන්නාවට කුණු ගේන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා.එතකොට කොළොන්නාව නැවත කොළඹ කුණු එන්නේ නෑ. ඊට පස්සේ කුණු කන්ද අපි වහනවා. ඒ අනුව දින සියයකින් කුණු කන්දේ ප්‍රශ්නේ 85%ක් ඉවර කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් මැතිතුමාටත් විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ අවුරුදු එකහාමාරක් තිස්සේ තිරය පිටුපස අපි ගෙන ගිය වැඩපිළිවෙලට හා සටනට නිසි ප්‍රතිචාරය පසුගිය බදාදා අපිට ලැබුනා. ඒ නිසා විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ මේ දෙපලට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වචනයක් දුන්නොත් ඉටු කරනවා. ඒ නිසා තව මාස දෙකක් යනකොට කොළාන්නාවේ කුණු කන්ද ඉවරයි කියලා මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස වගකීමෙන් කියනවා.

Related