ගෝඨාභය චන්ද්‍රිකාගේ කරුණු රහිත චෝදනා වලට කරුණු සහිතව පිළිතුරු දෙයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කණගාටුව පළ කරන ...

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කණගාටුව පළ කරන බව පවසනවා. මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරන ලද ප්‍රකාශය අසත්‍ය සහ අපහාසාත්මක එකක් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අදාළ මිග් යානා කඩාවැටී ඇතැයි ද ඒවා මිලදී ගැනීමේදී මුදල් වංචාවක් සිදුව ඇතැයි ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියා සිටියා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අදාළ යානා කිසිවක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී කඩා නොවැටුණු බවයි.

මෙම යානා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කොටස් වශයෙන් ගලවා භාණ්ඩ ප්‍රවාහන යානා මගින් බවද ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. අදාළ ගනුදෙනුවේදී මිග් යානා මිලදී ගත්තේ ගුවන් හමුදාවේ පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව යුක්රේන රාජ්‍ය සමාගමකින් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කිසිඳු පාර්ශ්වයකට කිසිඳු අයුරකින් දූෂණයක් හෝ අවභාවිතයක් කිරීමට නොහැකි වන පරිදි කටයුතු කළ බවද ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ වැටුපට අමතරව තමන් කිසිඳු මූල්‍ය ප්‍රතිලාභයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ලබා නොගත් බවයි.
එම චෝදනව හුදෙක් රැස්ව සිටි ජනවත පිනවීම සඳහා හිටපු ජනපතිය විසින් කියූ වගකීම් විරහිත ප්‍රකාශයක් බව පෙනෙන අතර පසුගිය කල සීමාවේම ඇය පැවසු බොහෝ කාරණා හුදෙක් හිස් වචනම විය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8594396254604429959

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item