සමුළුවට මහින්ද නෑ. හෙට මැලේසියාවට - නිල නිවේදනය මෙන්න

හෙට (01) දිනයේ සිට එළැඹෙන පස්වැනිදා දක්වා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැලේසියා සංචාරයක නිරත වන බව ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩා විසින...

හෙට (01) දිනයේ සිට එළැඹෙන පස්වැනිදා දක්වා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැලේසියා සංචාරයක නිරත වන බව ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැලේසියා සංචාරය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැප්තැම්බර් මස පළමුවනදා සිට පස්වනදා දක්වා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සම්මේලනයට ඒකාබද්ධ විපක්‍ෂෙය් නියෝජිත කණ්ඩායමක් සමග සහභාගී වීමට නියමිතය. මේ සම්මේලනයට හිටපු ජනාධිපතිතුමා සමඟ දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තෙ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ඒ.එච්.එම් අස්වර් හා උදිත් ලොකුබණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, හිටපු පලාත් සභා ඇමති උපාලි කොඩිකාර මහතාද සහභාගී වීමට නියමිතය.

මේ සම්මේලනය අතරතුර චීන කොමියුනිට්ස් පක්‍ෂෙය් නියෝජිත කණ්ඩායම සමඟ විශේෂ හමුවක් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් පවත්වන අතර සෙසු නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතාද මැලේසියනු අගමැතිතුමා හමුවීමට නියමිතය. මැලේසියානු හා වෙනත් ආසියානු දේශපාලන පක්‍ෂ සමඟත්, මැලේසියානු ව්‍යාපාරික ප්‍රජාව සමඟත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් විශේෂ හමුවීම් පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිතුමා මැලේසියාවේ ගත කරන කාලය තුළ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගැනීමටද නියමිතය.

උදිත් ලොකුබණ්ඩාර
හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5103342977856898615

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item