අගමැතිගේ මාධ්‍ය මධ්‍යස්ථානය ජනමාධ්‍ය ලේකම් මර්ධය කරන්නද?

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ගැටුම මේ වන විට උග්‍ර අර්බුධයක් දක්වා වර්ධනය වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ජනමාධ්‍ය ලේකම්...

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ගැටුම මේ වන විට උග්‍ර අර්බුධයක් දක්වා වර්ධනය වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් එක් කණ්ඩායමකටත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන හා රජයේ ප්‍රවාත්තී අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය වෙනම කණ්ඩායමක් ලෙසත් දෙකට බෙදී අමාත්‍යංශය තුළ බල අරගලයක නිරතව සිටීන බව වාර්තා වෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී එහි බලය ඇත්තේ අමාත්‍යංශට වුවත් ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව බලයෙන් ඊට මැදිහත් වී ක්‍රියාත්මක වීමත් සමගම අමාත්‍යවරයා මැදිහත්ව යළිත් එම කටයුත්ත අමාත්‍යංශය වෙත පවරා ගැනීමට කටයුතු කර ඇත. එම පනත ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පසුපස සිටින නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන ඔහුගේ නියෝජිතයෙකු වන රංග කලංසූරිය හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට කටයුතු කිරීම අමාත්‍යංශයේ අවධානයට ලක් වී ඇත.

මෙම අර්බුධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතානගේ ක්‍රියාකලාපයයි. ඔහු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට විරුද්ධව යමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්කර අගමැතිවරයා ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුමක නිරතව සිටී. එක් අවස්ථාවකදී ඔහු විසින් දෙනු ලැබූ උපදෙස් මත රංග කලංසූරිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුනේ මුදල් ඇමතිවරයා ආපසු පැමිණෙන තුරු මහබැංකු අධිපතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. පසුව එවැනි නිවේදනයක් නිකුත් නොවූ බවට ජනමාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. පසුව ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවද එවැනි නිවේදනයක් නිකුත් නොකලේ යැයි නිවේදනය කළේය.

මෙවැනි පසුබිමක් තුළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය හා නියෝජ්‍ය ඇමතිවරයා එක්ව "ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්" ආරම්භ කිරීම සඳහා අගමැතිවරයා හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන ඇත. සාමාන්‍යයෙන් එවැනි පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුත්තේ විෂයභාර ඇමතිවරයාය. නමුත් මෙහිදී ඇමතිවරයා ඒ පිළිබද දැන නොසිට ඇත. එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේද ප්‍රවෘත්තී අධ්‍යක්ෂ ජනරාල්වරයයි. රජයේ තොරතුරු ලබා දීමට රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවක් තිබියදී එහිම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හේතුව වී ඇත්තේ ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ දැඩි පාලනයක් අමාත්‍යංශය තුළ ගෙන යාමයි. ඒ තුළ නියෝජ්‍ය අැමතිවරයාට හෝ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවට රිසිසේ කටයුතු කිරීමේ අවස්ථාව අහිමිව ගොස් ඇත. අමාත්‍යවරයාද ලේකම්වරයාද එකම මතයක සිට ක්‍රියාත්මක වීම තුලින් නියෝජ්‍ය අමත්‍යවරයාට ඉහත කී ආකාරයේ නිවේදන නිකුත් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් නව මාධ්‍ය මධ්‍යස්ථානය අමාත්‍යවරයාගේ හෝ ලේකම්වරයාගේ පාලනයෙන් තොර මධ්‍යස්ථානයකි. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය මාධ්‍ය ඇමතිවරයාගේ හෝ අමාත්‍යංශයේ පාලනයකින් තොරව අමාත්‍යංශය තුළ පවත්වාගෙන යාම තුළින් නියෝජ්‍ය ඇමතිවරයාට තමන්ට රිසිසේ කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සළසාගෙන ඇත. මේ තත්වය තුළ කැබිනට් ප්‍රකාශක යන තනතුරට අමතරව රජයේ නිල ප්‍රකාශක ලෙස නව තනතුරක් ඇතිකර තිබෙන අතර එම තනතුර සඳහා රංග කලංසූරියව පත් කර ඇත.

මේ අනුව අමාත්‍යංශයේ අර්බුධය ඉදිරියේදී ජාතික අර්බුධයක් බවට පත් වීමේ දැඩි ඉඩකඩක් පවතී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3629859142138256685

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item