ඒකාබද්ධ විපක්ෂයට පිලිකාවක් - පේශල ජයරත්න

ඒකාබද්ධ විපක්ෂය පිලිකා රෝගියෙකු සේ ටිකෙන් ටික විනාශ වන බවත් වදවී යන සත්ත්ව කොට්ටාශයක් සේ වදවෙමින් යන බවත් උතුරු මැද පළාත් සභා ප්‍රධාන අමා...

ඒකාබද්ධ විපක්ෂය පිලිකා රෝගියෙකු සේ ටිකෙන් ටික විනාශ වන බවත් වදවී යන සත්ත්ව කොට්ටාශයක් සේ වදවෙමින් යන බවත් උතුරු මැද පළාත් සභා ප්‍රධාන අමාතය පේශල ජයරත්න බණ්ඩාර  අද (25) පොලොන්නරුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වීමෙන් පසු පැවති ජන හමුවේ දී පැවසීය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ ,ක්‍රීඩා ඇමති දයා සිරි ජයසේකර, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න,පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්නගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන හමුවේ දී මහ ඇමති වරයා මෙසේ ද කීය.

"ඉතිහාසයේ තිබුණු ශ්‍රී විභූතිය ඇති කරන්න ඉතිහාසයේ තිබුණු යහ පාළනය ඇතිකරන්න,මේ රටතුළ එය ප්‍රචලිත කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා අතිගරු ජනාධිපතිතුමාට.ඒක තමයි යහ පාළනය කියලා කියන්නේ. අපේ තිබුණු ශ්‍රී විභූතිය ගැන කතාකරනවා හැමදාම. හැබැයි ඒක ඉ‍ටු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිහාසයේ තිබුණු ශ්‍රී විභූතිය ඉතිහාසයේ තිබුණු සෞභාග්‍යය,ඉතිහාසයේ තිබුණු යහපත් පාලනය යලි ඇති කිරීම තමයි අති ගරු ජනාධිපතිතුමන් අගමැති තුමන් ඇතුලු මේ රජය බලාපොරොත්තු වෙන්නේ. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අය එක එක දවසට එක එක චෝදනා කරනවා. වැඩේ ඉවර වෙනකල් ඉන්නේ නෑ. ඇදේ හොයනවා. වැඩේ ඉවර වෙනකල් ඉන්නෙ නැතිව ඇදේ හොයන්න බලනවා. අද ඒකාබද්ධ විපක්ෂය හරියට අපි දකින පිළිකා රෝගියෙක් වාගේ. දවසින් දවස දුර්වල වෙනවා. අද හරියට දවසින් දවස වද වෙන සතෙක් වගේ. ටිකටික අඩු වෙලා යනවා. කතා කරන අයගේ සංඛ්‍යාව අඩු වෙනවා. කතා කරන ස්වරය අද වෙනස් වෙලා තියෙනවා. සමහර අය පාපොච්චාරණය කරන්න පටන් අරන් තියෙනවා. සමහර අය ඉල්ලා අස්වෙන්නත් පටන් අරගෙන තිබෙනවා. පරාජය බාර අරගෙන.ආරම්භයට වඩා අද ආණ්ඩුව ශක්තිමත්වෙලා තිබෙනවා."



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2393555906624386976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item