"රාජිතගේ ප්‍රකාශය වැරදියි" රජයෙන් නිවේදනයක් නිකුත් කරයි

මනෝ තිත්තවැල්ල අතුරුදන් වූවන්ගේ කාර්යාල ලේකම්වරයා හෝ සාමාජිකයෙකු නොවන බව සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පවසයි. ...

මනෝ තිත්තවැල්ල අතුරුදන් වූවන්ගේ කාර්යාල ලේකම්වරයා හෝ සාමාජිකයෙකු නොවන බව සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පවසයි.  කෙසේ නමුතක් කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාර්ත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ අතුරුදහන් වූවන්ගේ කාර්යාල ලේකම් තනතුරට මනෝ තිත්තවැල්ල පත් කරනු ලැබ ඇති බවයි.

මේ වන විටත් තිත්තවැල්ල සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් තනතුර දරන බවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින් පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව විසින් බවත් එම කාර්යාලය විසින් නිවේදනය කරයි.
මේ අකාරයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේදී රාජිත සේනාරත්න විසින් තමන්ගේ අදහස් හෝ වැරදි කරුණු කැබිනට් තීරණ ලෙස දැනුම් දීමෙන් පසුගිය කාලයේ කොහිප වතාවක් රජය අපහසුතාවයට පත් කරනු ලැබිණි. එහෙත් රජයේ බොහෝ තනතුරු රැදී ඇත්තේ සුදුසුකමට නොව "ඩීල්" හෙවත් පුද්ගල ගිවිසුම් මතය. එනිසා කොපමණ නොමනා ක්‍රියා කලත් ඉවත්කිරීමට හෝ දඩුවම් කිරීමට නොහැක්කේ ඔය ඩීල් නිසාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8733589731745242645

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item