ඔස්ට්‍රේලියාව පළමු වරට ශ්‍රී ලංකාවට Whitewash වෙයි

  ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්...

 
ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් (Whitewash - ටෙස්ට් තරගාවලියක සියලුම තරගවලදී ප්‍රතිවාදීන් දවා ලබාගන්නා තරගාවලි ජයග්‍රහණයක් උදාහහරණ වශයෙන් 5-0/3-0/4-0ක් ආදී ලෙස) වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ එස්.එස්.සි. පිටියේ නිමාව දුටු මෙන්ම දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163 ජයක් ලබමිනි. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරග තුනම ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිසායසේ ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ තුනක් වාර්තා කර ඇති අතර ඒ බංග්ලාදේශය, පාකිස්තානය හා කොදෙව්වන්ට එරෙහිවය. මේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය මෙන්ම ශ්‍රී ලංකාව ලබාගත් සිව්වැනි පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද වෙයි.

ඔසට්‍රේලියානු කණ්ඩායම සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසියම් රටකට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලබ ඇත්තේ අවස්ථා හතරකදී පමණි. 1886/එංගලන්තය, 1970/දකුණු අප්‍රිකාව, 1983/පාකිස්තානය, 20113/ඉන්දියාව යන රටවල් ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව අවසථා තුනකදී හා ඉන්දියාව එක් අවස්ථාවකදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. ටෙස්ට් පිටියේ වැඩිම පූර්ණ ටෙස්ට් තරගාවලි ජය වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා අවසථා (මෙම ජයග්‍රහණයත් ඇතුළුව) 53කදී කිසියම් රටක් තවත් රටකට එරෙහිව පූර්ණ ටෙස්ට් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අතර එහිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වාර්තා කර ඇති පූර්ණ ටෙස්ට් තරග ජයග්‍රහණ ප්‍රමාණය 21කි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8430223523502592841

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item