නැගෙනහිර තවත් හමුදා කඳවුරු 64ක් ඉවත් කිරීමට රජය තීරණය කරයි
නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හම...
http://www.sathhanda.com/2016/08/sri-lanka-east-security-hqs.html
නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක් පිහිටුවා තිබූ අතර
එම ප්‍රමාණය අගෝස්‌තු 31 වනවිට 98 දක්‌වා අඩු කිරීමට කටයුතු කර ඇත.
මේ අනුව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 64 ක් පිහිටුවා තිබූ අතර එය 33 දක්‌වා අඩු කෙරේ.මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 69 ක් පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය 40 දක්‌වා අඩු කෙරේ. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 31 ක් තිබූ අතර එය 27 දක්‌වා අඩු කිරීමට නියමිතය. මෙලෙස හමුදා කඳවුරු 64 න් 30 ක් දැනටමත් ඉවත් කර ඇත.
හමුදා භටයන් සියයකට වඩා අඩු පිරිසක් සිටින කඳවුරු රැසක් ඒ අනුව මෙලෙස ඉවත් කරනු ඇත. මේ සම්බන්ධව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පැවසුයේ අදාළ කඳවුරු පිහිටි භූමියේ හිමිකරුවන්ට එම ඉඩම් ලබාදීම සඳහා ආරක්‍ෂාවට තර්ජනයක් නොවන අයුරින් හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් මුදාහැරීමට තීරණය කෙරුණු බව සඳහන් කළේය.

පසුගියදා යාපනයේ සංචාරයක නියුතුවූ මෙරට ඇමරිකානු
තානාපති ඇතුල් කෙශාප්ද උතුරු නැගෙනහිර හමුදා කඳවුරු සහ හමුදාව ඉවත්කිරීම
ගැන සාකච්චා පවත්වා තිබුණි.
Related