'රේගු වර්ජනය : බහාලුම් දෙදහසක් සිරවෙලා'

විශ්‍රාමික රේගු නිලධාරීන් යළි සේවයට කැඳවා තම ඉල්ලීම නොතකා හැරීමට ආණ්ඩුව උත්සාහ කළහොත් අකුරට වැඩ කිරීම තවත් ව්‍යාප්ත කරන බවට අනතුරු අඟවන ස...

විශ්‍රාමික රේගු නිලධාරීන් යළි සේවයට කැඳවා තම ඉල්ලීම නොතකා හැරීමට ආණ්ඩුව උත්සාහ කළහොත් අකුරට වැඩ කිරීම තවත් ව්‍යාප්ත කරන බවට අනතුරු අඟවන සමස්ත ලංකා රේගු සේවා සංගමය, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා මේවනවිට බහාලුම් දෙදහසක් පමණ ආනයන අංශයේ සිර වී ඇති බව පවසයි.

'සාමාන්‍යයෙන් භාණ්ඩ පරීක්ෂණ සහ ආනයන අංශයෙන් ආණ්ඩුවට දිනකට රුපියල් බිලියන 1.5 ත් බිලියන 2ත් අතර ගණනක් එකතු වුනා. ඊයේ වන විට මේක මිලියන 900 දක්වා අඩු වෙලා.' යයි එම සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලක මහතා 'බීබීසී සංදේශය'ට කියා සිටියේ ය.

මුදල් ඇමතිවරයාගේ තර්ජනවලට බිය නොවන බවද ඔහු අවධාරණය කළේය.

'අපේ අකුරට වැඩ කිරීම දැනට ගුවන්තොටුපොළේ කරන්නේ නැහැ. ආණ්ඩුව අගතිගාමී විදියට අපි දිහා බලනවානම් අකමැත්තෙන් වුනත් අපිට මේ අකුරට වැඩ කිරීම ඒ තැන්වලටත් ව්‍යාප්ත කරන්න වෙනවා.' ගුණතිලක මහතා පැවසීය.

'විශ්‍රාම ගිය රේගු නිලධාරීන්ට අපි ගරු කරනවා. ඒ වුනත් ඒ අයත් දැනගන්න ඕන අවුරුදු විසි පහක් තිහක් තිස්සේ ගෙවල් දොරවල් හදා ගත්තේ, දරුමල්ලන් පෝෂණය කළේ මේ දෙපාර්තමේන්තුව තිබුණු නිසා. ඒ නිසා අපි විශ්‍රාම ගිය රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ රේගු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ පාප කර්මයට හවුල් වෙන්න එපා කියල.' ජේ ඒ ගුණතිලක ලේකම්වරයා පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ නායක එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ, ආණ්‌ඩුවේ හිතුවක්‌කාරී ක්‍රියාපිළිවෙත නිසා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුළුමනින්ම අක්‍රීය වී ඇති බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එබව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මෙසේ පැවසිය. 

''මුදල් ඇමැතිවරයාගේ "රම්බෝ" ක්‍රමයට වෘත්තීය සමිති යටත් වන්නේ නෑ. මෙහෙම හිතුවක්‌කාරී ලෙස මේ ආණ්‌ඩුවට වැඩිකල් යන්න බැහැ. රේගුව හරියට මුදල් එකතු වෙන්නේ නැහැලු. 

එහෙනම් පසුගිය දවස්‌වල රේගුවෙන් වාහන 212 ක්‌ මුදාහැරියේ කවුද? අඩු බද්දකට මේ වාහන බෙදලා දුන්නේ කාටද? මෙමගින් රජයට අති විශාල මුදලක්‌ පාඩු වුණා.

වෘත්තීය සමිති පාගාගෙන හිතුවක්‌කාරී ගමනක්‌ යන්න එපා කියා ආණ්‌ඩුවට කියනවා. මෙහෙම ගියොත් ඉතා කෙටි කාලයක්‌ තුළ රට අරාජික වීම වළක්‌වන්න බැහැ.''



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1396961054967243707

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item