මහින්දට මැලේසියාවේදී LTTE හිතවත් දෙමළ ඩයස්පෝරා විරෝධතා (Video)

සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්වා ඇතැයි ‘‘...

සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්වා ඇතැයි ‘‘ද මැලේසියන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

හිටපු ජනාධිපතිවරයා එරට පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීම සඳහා ක්වාලාලම්පූර් නුවරට ළගා වූ අවස්ථාවේ මෙම විරෝධතාවය පවත්වා ඇතැයි වාර්තාවේ.

මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානය ඇතුළු එරට දෙමළ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8446367366802650370

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item