ආරක්ෂක ඇමති කවුද? - ජනාධිපති සිරිසේන තමුන්වම පිළිකුලෙන් යුතුව හෙළා දකියි

ජනාධිපති සිරිසේන මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් පවතින බව අද හිටිහැටියේ මතක් වී ඇතැයි වාර්තා විය​. රජයේ ආරංචි මාර්ග රත්නදීප Chron...

ජනාධිපති සිරිසේන මහතාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් පවතින බව අද හිටිහැටියේ මතක් වී ඇතැයි වාර්තා විය​.

රජයේ ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත සඳහන් කළේ ජනාධිපතිතුමා සිහිනයෙන් අවදි වූවාක් මෙන් අල්ලස් කොමිසම වෙත දැඩිව දෝෂාරෝපණය කිරීම තනිකරම පුදුමයට කරුණක් බවයි.

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු අධිකරණය හමුවට ගෙනයාම ඔහු දැඩිව පිළිකුලෙන් යුතුව හෙළා දැක්කේය​.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම පිළිබඳ අවසරය ඇවන්ට් ගාර්ඩ් සමාගම වෙත ලබාදීම සම්බන්ධව අල්ලස් කොමිසම මෙසේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා තිබේ. මෙම සිද්ධිය පසුගිය රජය සමයේ වූවක් යයි අල්ලස් කොමිසම කියා සිටින අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙහි සැකකරුවකු වේ.

නමුත් ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට් ගාර්ඩ් සමාගම අතර ගනුදෙනුවේ ගැටලුවක් වී නම් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතුව තිබූ බව සිරිසේන පෙන්වා දුන්නේය​.

"මම ආරක්ෂක ඇමතිවරයාට ජනාධිපතිවරයා විදියට මගේ දැඩි අප්‍රසාදය සහ පිළිකුළ ප්‍රකාශ කරනවා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව​" යයි ඔහු කියා සිටියේය​.

මෙම ප්‍රකාශය පිළිබඳ සිය විමතිය පළ කරන උසස් නිලධාරියකු කියා සිටියේ ආරක්ෂක ඇමතිවරයා වන්නේද තමාම බව ජනාධිපතිවරයාට අමතක වීම රටේ ආරක්ෂාවට සුදුසු තත්ත්වයක් නොවන බවය​.

මේ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු යයි තමා ජනාධිපතිවරයාට මතක් කර දීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා ප්‍රකාශ කළේය​.

http://rathnadeepachronicle.blogspot.com/2016/10/blog-post_12.html






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3355421213786871195

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item