පොල්පිති පහර සියයක දඬුවමක් නියම කළ කාන්තාව අතුරුදන්

පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලිය මගින් පොල්පිති පහර සියයක දඬුවමක් නියම කළ ජෙස්මිර් සිත්ති ජෙරසිමා නමැති කාන්තාව අතුරුදන්ව ඇතැයි ...

පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලිය මගින් පොල්පිති පහර සියයක දඬුවමක් නියම කළ ජෙස්මිර් සිත්ති ජෙරසිමා නමැති කාන්තාව අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් අධිකරණය ලබාදුන් නියෝගයන්ට අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

තමන්ට පොල්පිති පහර සියයක දඬුවමක් ලබාදීමට එරෙහිව මෙම කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මීට පෙර නඩුවක් පවරනු ලැබුවා.

ඒ, නදීරා අබ්රාන් නමැති නීතිඥවරියකගේ සහය ඇතිවයි.

එහෙත් එම නඩුව පසුව ඉවත් කර ගැනීමට දඬුවමට ලක් වූ කාන්තාව කටයුතු කළා.

කෙසේ වෙතත් නඩුව ගොනු කළ නීතිඥවරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වූයේ අදාළ කාන්තාව කිසියම් බලපෑමකට යටත්ව නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා පොලිසියට නියෝග කළා.

ඒ පිළිබඳ ප්‍රකාශ ලබාගැනීමට අදාළ කාන්තාව හමුවීමට ගිය ද ඇය අතුරුදන්ව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පොල්පිති පහර සියයක දඬුවම නියම කළ මුස්ලිම් පල්ලියේ භාරකාරවරයා ද අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8886360345870522055

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item