‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි. හැකි දෙයක් කරනු’ – ‘ආවා ගෲප්’ පත්‍රිකා බෙදයි (PHOTOS)

“ආවා“ නමැති සංවිධානය මගින් යාපනය ප්‍රදේශයේ බෙදාහැර ඇති බව කියන පත්‍රිකා සම්බන්ධයෙන් උතුරේ ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ය...


“ආවා“ නමැති සංවිධානය මගින් යාපනය ප්‍රදේශයේ බෙදාහැර ඇති බව කියන පත්‍රිකා සම්බන්ධයෙන් උතුරේ ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය “ආවා“ නමැති සංවිධානය විසින් සිදුකර ඇති බවට අදාළ පත්‍රිකාවේ සඳහන්ය.

අදාළ පත්‍රිකාව යාපනය නගරය පුරාම බෙදාහැර ඇති බව වාර්තා වේ.

අදාළ පහරදීම තම සංවිධානය විසින් සිදුකළ බවට එම ප්‍රතිකාවේ සඳහන්ව ඇති අතර එහි පහළ කෙළවරේ “ආවා“ කල්ලිය යන නාමය සඳහන් කර ඇති බව ආරක්ෂ අංශ සඳහන් කළේය.

මෙම අත් පති‍්‍රිකා උතුරේ යාපනය, කිලිනොච්චි, මරුදනාමඩම්, චුන්නාගම් ආදී ප‍්‍රදේශයන්හි බෙදා දී ඇත්තේ අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් බවද පෙීලිසිය කියයි. පොලිස් නිලධාරීාන් කපාකොටා දැමීමේ වගකීම බාර ගනිමින් ඔවුන් සදහන් කර ඇත්තේ සමාජය විනාශ කරන්නන්ට හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව මෙම ක‍්‍රියා සිදුකරන බවයි.

මොවුන් යාපනය විශ්වවිද්‍යාලය අසල දී අදාළ පත්‍රිකා බෙදාහැර ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව යාපනයේ උසස් පොලිස් නිලධාරියෙකු අද දෙරණට සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2656091216262803159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item