ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කෙරේ
පිළිකා රෝහලට ආධාර පිණිස සිදුකෙරෙන පා ගමනක් හේතුවෙන් ගාලුපාරේ වාහන ගමනාගමනය අද (26) උදෑසන කාලයේ සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි. උදෑ...

http://www.sathhanda.com/2016/10/blog-post_665.html

උදෑසන 6.00 සිට ගාලුමුවදොර පිටියේ සිට මොරටුව දක්වා මෙම පාගමන සංවිධානය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම පාගමන ගාලුමුවදොර පිටියෙන් ආරම්භ කර කොල්ලුපිටිය හන්දිය දක්වා ගමන් කර කොල්ලුපිටිය හන්දියේ සිට වැල්ලවත්ත දක්වා ගාලුපාර ඔස්සේ විරුද්ධ දිසාවට ගමන් කිරීමට සැලසුම් කර ඇත.
මේ හේතුවෙන් මාර්ග අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
Related