තායිලන්තයේ සංචාරය කරන්නන්ට උපදෙස්

තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවයත් සමග එරට සංචාරය කරන සංචාරකයන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් එරට සංචාරක අධිකාරිය විසින් නිකුත් කර තිබේ. ...

තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවයත් සමග එරට සංචාරය කරන සංචාරකයන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් එරට සංචාරක අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

මෙම උපදෙස් මාලාව අනුව යමින් ලොව බොහෝ රටවල් මේ අවස්ථාවේදී තායිලන්තය තුළ සංචාරය කිරීමේදී අභාවප්‍රාප්ත භූමිබෝල් රජුට ගෞරවය පුදකරන අතරම, ශෝකී ජනතාවගේ සිත් නොබිඳෙන අයුරින් කටයුතු කළ යුතු බවද සිය රටවල ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර, දින 30ක කාලයක් සඳහා විනෝදාස්වාදී උත්සව අවලංගු කිරීමට තායිලන්ත රජය තීරණය කළත්, එය තායිලන්තයේ සමස්ත සංචාරක ව්‍යාපාරය අකර්මණ්‍ය නොවන තත්ත්වයක් බවද එම රටවල් මෙම උපදෙස් මාලාව අනුව යමින් තම ජනතාව දැනුම්වත් කර තිබේ.

එමෙන්ම, අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන මෙම අවස්ථාවේදී තායි ජනතාව හැකි තරම් කළු වර්ණයෙන් සැරසී සිටියත්, එය සංචාරකයන්ට බල නොපාන බවත්, ඔවුන් අඳුරු වර්ණයකින් හා ආචාරශීලී ඇඳුමකින් සැරසෙමින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවත් මෙහි සඳහන් කර ඇත.

එහිදී, තායිලන්තයේ දැවැන්ත වෙළෙඳ සැල්, අවන්හල් හා සංචාරක ආකර්ෂණීය බොහෝ ස්ථාන සුපුරුදු පරිදි විවෘතව තැබෙන බවද පෙන්වා දී තිබේ. නමුත්, එමරල්ඩ් බෞද්ධ විහාරය හා බැංකොක් ප්‍රධාන රජ මාලිගය අවමංගල්‍ය කටයුතු හේතුවෙන් සංචාරකයන්ට විවෘත නොවන බවද පෙන්වා දී ඇත.

එමෙන්ම, එරට සංචාරක ආකර්ෂණය දිනාගත් කෝහ් ෆා නගාන් දූපතේ රාත්‍රී වෙරළ උත්සව අවලංගු කර ඇති අතර, රාත්‍රී සමාජශාලා සහ බීරහල් මෙම කාලය තුළ වසා දමන ලෙසට රජය නියෝගයක් නිකුත් කර නැතත්, ඒවා වසා දැමීම හෝ නොදැමීම ව්‍යාපාර හිමියන්ගේ තීරණය මත සිදුවනු ඇති බවද පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, එරට ප්‍රවාහන සේවා, බැංකු, ආරෝග්‍ය ශාලා සහ වෙනත් පොදු සේවා කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්ක වන බවත්, හදිසි ඕනෑම අවස්ථාවක 1672 අංකයෙන් තායිලන්ත සංචාරක අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයක් අමතා උපදෙස් ලබාගන්නා ලෙසත් පවසා ඇත.

ඒ අනුව, තායිලන්ත සංචාරක අධිකාරිය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව යමින් ලොව බොහෝ රටවල් සිය රටවල ජනතාව දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2444467869361818835

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item