දිනක පඩිය වැඩිවේ - වතු වර්ජනය නිමවේ

වතුකම්කරුවන්ගේ රුපියල් හත්සිය තිහක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අද (18) පස්වරුවේ වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද...

වතුකම්කරුවන්ගේ රුපියල් හත්සිය තිහක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අද (18) පස්වරුවේ වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර වු වසර දෙකට වලංගු අවබෝධතා ගිවිසුම අත්සන් කළ බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එස්.රමේෂ් මහතා පැවසුවා. මෙම අවබෝධතා ගිවිසුම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේදි අත්සන් කර තිබෙනවා.

ලංකා කම්කරු කොංග‍්‍රසය මගින් මෙම අවබෝධතා ගිවිසුමට වතුකමිකරුවන්ට වසරකට දින තුන්සියක් වැඩ ලබා දිය යුතු බවත් දැනට කැලෑ බවට පත්වි ඇති ඇතැම් තේ වතු මාස හයක් වැනි කාලයක් තුල සම්පුර්ණයෙන්ම ශුද්ධ පවිත‍්‍රකර තේ වගාව යලිත් නගා සිටුවිය යුතු බවත් තේ දළු නෙලමින් සිටින වතුකම්කරුවන්ට ඇතැම් අවස්ථා වල එල්ල වන බඹර ප‍්‍රහාර වලදි එම වැටුප ඔහුන් නැවත සේවයට පැමිණෙන තෙක් ඔහුන්ට වැටුප් ගෙවිම යන යෝජනා වලට වතුහාමිපුතුන්ගේ සංගමය එකගවිම නිසා එම අවබෝධතා ගිවිසුමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිෙමින්තු මන්ති‍්‍ර ආරුමුගම් තොන්ඩමන් මහතා අත්සන් කළ බවයි ලංකා කමිකරු කොංග‍්‍රසය පැවසුවේ. මෙම අවබෝධතා ගිවිසුම අනුව වතුකමිකරුවන්ගේ හිග වැටුප් නොලෙබෙන අතර දිනකට රුපියල් දහසක වැටුප් ඉල්ලා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වතුකමිකරුවන් වැඩ වර්ජන හා උද්ඝෝෂණ ව්‍යාපාරද පැවැත්වුවා. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිෙමි අවස්ථාවට මලික් සමරවික‍්‍රම, ජොන් සෙනවිරත්න නවින් දිසානායක මහින්ද අමරවිර රවි සමරවිර යන ඇමතිවරුන් සහභාගි වි ඇත.මේ අනුව වතුකමිකරුවෙකුට දිනකට රුපියල් එකසිය තිහක වැටුප් වැඩි විමක් සිදුවි තිබෙනවා.




සටහන - රංජිත් රාජපක්ෂ - හැටන්




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 66524569987308053

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item