ETCA, ජාතියේ මළගම ගෙනෙන කළු දෙසැම්බරයට එරෙහිව කළු බදාදා - ඔබත් එකතුවන්න

ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අ...

ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අත්සන් කිරීම මඟින් මුලුමහත් ශ්‍රී ලාංකීය අනාගතයම අඳුරුවීම සිදුවන බව තව දුරටත් රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය ඉතාම අත්තනෝමතික ලෙස කතයුතු කරමින් විශේෂඥයන්ගේ මතයන් වෘත්තීයවේදීන්ගේ මතයන් සහ මහජන මතයන් පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා "කළු බදාදා" දිනය නම්කර ඇත. 

ඔක්තෝබර් 19 වන බදාදා ඔබගේ පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔබගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා "කළු බදාදා" විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙන මෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘතිය වේදීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3890936861623797240

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item