ලොව දෙවන වේගවත්ම මිනිසා Tyson Gay ගේ දියණිය ඝාතනය කෙරේ

අමෙරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර Tyson Gay ගේ දියණිය Trinity Gay වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඇයගේ වයස අවුරුදු 15 ක්. අමෙරිකාවේ කෙන්ටකී...

අමෙරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර Tyson Gay ගේ දියණිය Trinity Gay වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඇයගේ වයස අවුරුදු 15 ක්. අමෙරිකාවේ කෙන්ටකී ප‍්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපනශාලවක රථ ගාලක නවතා තිබූ මෝටර් රථ දෙකක සිටි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකට ඇය මැදි වී ඇති බවයි. එහි දී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මීටර් සියය ඉසව්වේ අමෙරිකානු ශූරයා පමණක් නොව ලොව දෙවන වේගවත්ම මිනිසා යන විරුධාවලිය මේ වනවිට හිමිව තිබෙන්නේ ද ටයිසන් ගේ හටයි.

ඔහු දෙවන වන්නේ සුපිරි කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හටයි. ඔහුගේ දියණියට අත් වූ මෙම අනපේක්ෂිත අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ පිරිසක් සිය ශෝකය පළ කර තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6366805344102856008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item