ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක හුදෙකලා ත්‍රස්ත ප්‍රහාරයක්

ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේදී, රාජ්‍ය විශ්වවිද්‍යාල භූමියේදී පුද්ගලයන් පිරිසක් යට කරගෙන මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 11 දෙනෙකු බරපතල තුවා...

ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේදී, රාජ්‍ය විශ්වවිද්‍යාල භූමියේදී පුද්ගලයන් පිරිසක් යට කරගෙන මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 11 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මේ ආකාරයෙන් සිය මෝටර් රථයට පුද්ගලයන් යට කරගෙන ගිය පුද්ගලයා සෝමාලියානු සම්භවයක් සහිත අබ්දුල් රාසාක් නමැති එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන 18 හැවිරිදි තරුණයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

අනතුර සිදුකිරීමෙන් පසුව මොහු මෝටර් රථයෙන් බැස එම පුද්ගලයන්ට පිහි ඇනුම්ද සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ඇරඹී ඇති බව ඔහියෝ පොලිස් ප්‍රධානී කිම් ජාගොබ්ස් විදෙස් පුවත් සේවා වෙත පවසා තිබුණි.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සිය හුදෙකලා වෘක්කයන් වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හැකි තරම් හුදෙකලා ත්‍රස්ත ප්‍රහාර සිදුකරන ලෙසයි. එමෙන්ම, මනුෂ්‍ය ඝාතනයන් සිදුකරන ක්‍රම විස්තර කෙරෙන වීඩියෝවක්ද එම ම්ලේච්ඡ ත්‍රස්තයන් අන්තර්ජාලයට මුදාහැර තිබුණේ මෙවැනි ප්‍රහාර ඉලක්ක කරගෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනයද පරීක්ෂණයක් අරඹා ඇති අතර එම කොලොම්බස් විශ්වවිද්‍යාලයේ සිසුන් 60,000ක් පමණ අධ්‍යාපනය ලබන බවද කියැවෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7223654543361478768

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item