ගන්න ගානට හරියන්න 'ගිගාබයිට් 10ක්වත් නොමිලේ දෙන්න' - ඩලස්

අන්තර්ජාල බදු මුදල් සියයට විසිපහකින් නංවා ඇති බැවින් මාධ්‍යවේදින්ට ගිගාබයිට් දහයක්වත් නොමිලේ ලබාදීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...

අන්තර්ජාල බදු මුදල් සියයට විසිපහකින් නංවා ඇති බැවින් මාධ්‍යවේදින්ට ගිගාබයිට් දහයක්වත් නොමිලේ ලබාදීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) රජයෙන් ඉල්ලා සිටියේය.

නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුව තිබේ.

කෙසේවුවද, නොවැම්බර් 24දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුයේ, සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බවයි.

එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව ඔහු සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7790077153597475250

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item