දීමනා එපා - ආබාධිත රණවිරුවන් අදත් පාරේ

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකී...

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ පවසයි.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස පසුගිය 31 වනදා සිට විරෝධතාවයේ නිරත වේ.

කෙසේවෙතත් මෙම විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට විශ්‍රාමික දීමනාවක් ලෙස ඉදිරියේදී විශ්‍රාම වැටුප ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙරබරවාරි මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිත බව එහි සඳහන්ය.

කෙසේවෙතත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසන්නේ දීමනාවක් වශයෙන් එය තමන්ට අවශ්‍ය නොවන බවයි.

2014 වසරේ කැබිනට් අනුමැතිය හිමි වූ විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් අද දිනයේත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට තීරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7985138378131630871

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item