පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලාභය ගැන තීරණයක් ගන්න මහ බැංකුවට හැකියාවක් නැහැ – මහ බැංකු අධිපති කියයි VIDEO
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ අභ්‍යන්තර විමර්ශනයේ වාර්තාව ඔක්තෝබර් 31 වැනි දි...

https://www.sathhanda.com/2016/11/video_2.html
මෙහිදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පිළියෙල කෙරුණු කෝප් වාර්තාව, පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් බවත් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පාර්ලිමේන්තුව හෝ රජය තීරණය කළ යුතු බවත්ය.
මේ අතර පසුගිය මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 5 කට අධික ශුද්ධ ලාභයක් උපයා ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, අදාළ ලාභය ලාභාංශ වශයෙන් කොටස්කරුවන් අතරේ බෙදාහැරීම, අත්හිටුවා හෝ සීමාකර තිබේ දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කරුණ දක්වන ලදී.
“ඔබ කොපමණ ලාභයක් ලැබුවාද, එය කෙසේ පාවිච්චි කරනවාද යන්න පිළිබඳ සීමාකිරීම් කිරීමට මහ බැංකුවට හැකියාවක් තියෙනවා කියා මම හිතන්නේ නැහැ. ලාභය ලබා තිබෙන්නේ නීත්‍යානුකූල නොවන භාවිතයන් තුළින් නම්, අදාළ නියමයන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුවට බලය තිබෙනවා.“
මෙහිදී මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
Related