ත්‍රිවිධ හමුදාවේ 1400ට වැඩි පිරිසක් ඉවත් වෙයි

මෙම මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොදු සමා කාලය යටතේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ 1400ට වැඩි පිරිසක් නිත්‍යානූකූලව හමුදා සේවයෙන් ඉවත්ව ගොස...

මෙම මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොදු සමා කාලය යටතේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ 1400ට වැඩි පිරිසක් නිත්‍යානූකූලව හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

හමුදා සේවය හැරගොස් සිටින පුද්ගලයින්ට ඉන් නිත්‍යානූකුලව ඉවත්විම සදහා පසුගිය දෙසැම්බර් මස 01 වනදා සිට පොදුසමා කාලයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත් අතර එම පොදුසමා කාලය ලබන 31 වන දිනෙන් අවසන්වීමට නියමිතය.

ඒ අනුව මේ දක්වා ගත වූ දින 10ක කාලය තුළ යුධ හමුදාවෙන් පුද්ගලයින් 1185 දෙනෙකු ද නාවික හමුදාවෙන් පුද්ගලයින් 161 දෙනෙකු ද ගුවන් හමුවෙන් 69 දෙනෙකු ද නීත්‍යානුකූලව ඉවත්ව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසීය.

මේ අතර යුධ හමුදාවෙන් නීත්‍යානූකුලව ඉවත්වීම සඳහා පුද්ගලයින් 1492 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇති අතර ඉන් 307 දෙනෙකුගේ ගැටළු පවතින බැවින් ඔවුන්හට නීත්‍යානුකූව ඉවත්වීම සඳහා අවස්ථාව ලබාදී නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට පවතින ගැටළු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී ඔවුන්ට හමුදා සේවයෙන් නිත්‍යානූකුලව ඉවත්වීමට හැකියාව පවතින බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6514097565460398215

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item