“ඉදිරියේදී මටත් රට භාර ගන්න පුළුවන්” – රාජිත

දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රා...

දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ ඔසුසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ “දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කරන විට විවිධ බලපෑම් එල්ල වුනා. යහපාලන රජයෙනුත් බලපෑම් එල්ල වුනා. නමුත් මම එම බලපෑම්වලට යටත් වුනේ නැහැ. මට එහිදී විද්වතෙක් ප්‍රකාශ කළා ඉදිරි කාලයේ දී ඔබටත් රට බාර ගන්න පුළුවන් කියලා. එම නිසා ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගන්නා ලෙස එම විද්වතා මට පෙන්වා දුන්නා. මම තීන්දු තීරණ ගන්නේ අසරණ ජනතාව වෙනුවෙන්. දුම්කොළ සමාගම පාඩු ලබන බව ප්‍රකාශ කරනවා. එහෙනම් දුම්කොළ සමාගම වසා දමන්න පුළුවන්. කිසිවෙක් ඊට විවේචන එල්ල කරන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සිටියේ දුම්කොළ සමාගම පැත්තේ. සියයට 80 දක්වා රූපමය අවවාද ඇතුලත් කරන විට හිටපු ජනාධිපතිවරයා ඊට බලපෑම් එල්ල කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම බලපෑම් මත රූපමය අවවාද සියයට 60 දක්වා අඩු කළා. පාර්ලිමේන්තුව නීති රීති හදනවා. නීතිය හදන්න අධිකරණයට බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයට පුළුවන්. වර්තමානයේ ජනාධිපතිවරයාවත් විවේචනය කිරීමට ජනතාවට අවස්ථාව උදාවෙලා තිඛෙනවා. ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන්නෙත් යහපාලන රජයයි. මෙම රජය තුළ දුර්වලකම් තිඛෙනවා. වෙනස නොතේරෙන අයත් රජය තුළ සිටිනවා. එම දුර්වලතා මඟහරවා යහපාලන රජය ඉදිරියටම ගෙනයනවා. ඖෂධ ජාවාරම නතර කිරීම සඳහා රජය තවදුරටත් කැපවී සිටිනවා.” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3964726060948670254

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item