ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම අත්අඩංගුවට !

රාජපක්ෂ පාලන සමයේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශෂී වෙල්ගම අද (20) රහස් පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ. ඔහු මේ ...

රාජපක්ෂ පාලන සමයේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශෂී වෙල්ගම අද (20) රහස් පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ. ඔහු මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 03 වෙත ඉදිරිපත් කර ඇති අතර අධිකරණය විසින් ඔහුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රාජපක්ෂ රෙජීමයේ හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ඥාති සොයුරෙකු වන ශෂී වෙල්ගම මෙසේ රහස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහු ලංගම සභාපතිධූරය දැරූ අවධියේ සිදුවූ රුපියල් මිලියන 134 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මතයි.

ශෂී වෙල්ගම මහතාගේ නීතිඥයන් පවසා සිටින්නේ මෙම සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාවට සිය සේවාදායකයා සම්පූර්ණයෙන්ම නිවැරදිකරු බවයි. මක්නිසාද යත්, රහස් පොලීසිය විසින් ශෂී වෙල්ගම වෙත පෙන්වා ප්‍රශ්න කරන ලද කිසිදු ලේඛනයක් ඔහුගේ අත් අකුරෙන් පුරවන ලද ඒවා නොවන අතර එම ලේඛන මත තබා ඇති අත්සන් පමණක් තම සේවාදායකයාගේ බව නීතිඥයන් ප්‍රකාශ කර සිටිති.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වැනි වගන්තිය (සාපරාධී සාවද්‍ය පරිහරණය), 388 වැනි වගන්තිය (සාපරාධී විශ්වාස කඩකිරීම) සහ 398 වැනි වගන්තිය (වංචා කිරීම) යටතේත් පොදු දේපළ ආරක්ෂණ පනත යටතේත් ශෂී වෙල්ගමට එරෙහිව රහස් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීම කර ඇති අතර මෙම සියලුම වගන්ති ඇප ලබාදිය නොහැකි වරදවල් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4046741876357015907

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item