මැලේසියා රජු සහ අගමැති ලබන වසරේ ශ්‍රී ලංකාවට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මැලේසියාවේ නව රජු වන පස්වන සුල්තාන් මොහොමඩ් රජු සහ එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එකඟතාව පළ කර තිඛෙනවා. ...

ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මැලේසියාවේ නව රජු වන පස්වන සුල්තාන් මොහොමඩ් රජු සහ එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එකඟතාව පළ කර තිඛෙනවා.

ඒ එරට නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයක් පිළිගනිිමින්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියා අග්‍රාමාත්‍යවරයා සහ රජු හමු වූ අවස්ථාවේදී ශ්‍රීී ලංකාවට පැමිණෙන ලෙස නායක දෙපළගෙන් ඉල්ලා සිටියා.

ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර් පැවසුවේ.

මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වූවා.ඒ එරට අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.එහිදී කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශණයක්ද පැවැත්වුණා.

අද ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයේ අවසන් දිනයයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4604634753501870568

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item