2016 දී සියයට 9.66 කින් කොටස් වෙළෙඳපොළ පල්ලම් බසී

2016 වසර අවසානයේ දී සියයට 9.66 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ...

2016 වසර අවසානයේ දී සියයට 9.66 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මේ අනුව 2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ එහි අගය 2016 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ දෙසැම්බර් 30 වන දින අවසානයේ දී දැක්වුණේ ඒකක 6,228.26 ක් වශයෙනි. මේ අනුව 2016 වසර තුළ දී ඒකක 666.24 ක කඩා වැටීමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ.

2016 වසර තුළ දී දෛනික සාමාන්‍ය පිරිවැටුම් මට්ටමේ ද කැපී පෙනෙන පසු බෑමක් වාර්තා කර තිබෙ අතර එය රුපියල් මිලියන 737.2 ක් ලෙසින් 2016 වසර අවසානයේ දී වාර්තා විය. කෙසේ වෙතත් 2015 වසර තුළ දී දෛනික සාමාන්‍ය පිරිවැටුම් අගය වාර්තා වූයේ රුපියල් බිලියන 1.06 ක් වශයෙනි.

මේ අතර 2016 වසරේ දී ශුද්ධ විදේශීය ආයෝජනවල ගලා ඒමක් සටහන් වන අතර එය රුපියල් මිලියන 633.5 ක අගයයකි. 2015 වසරේ දී රුපියල් බිලියන 4.43 ක ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8998586897135870348

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item