සම්බන්ධන්-සුමන්තිරන් ඉල්ලා අස්විය යුතුයි

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුත...

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ඔහු පවසන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම හා බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම බවට පත් කිරීම සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව හරහා කටයුතු කරන බවට රජය අදහස් පළ කොට තිබියදී සම්බන්ධන් මහතා හා සුමන්තිරන් එම මණ්ඩලයේ කටයුතු කිරීමෙන් පලක් නොමැති බවයි.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වී දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම වන උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා රජය සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

උතුර නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වාධීන බලතල ලබා ගැනීමේ ඉල්ලීම මත දෙමළ ජනතාව රජයට සහය පළ කළද රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකරන තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකරන තත්ත්වයක් තුළ සම්බන්ධන් මහතා සහ සුමන්තිරන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කටයුතු කිරීම දෙමළ ජනතාවට සිදු කරන ද්‍රෝහිකමක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5739966892633454223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item