තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. කොටුවිල ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි පුද්ගලයින් ති...

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

කොටුවිල ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී ඇති බව සඳහන්ය.

එහිදි බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය - කොටුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7007284480727290734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item