භාර වූ එල්ටීටීඊ සාමාජික ලැයිස්තුව ඉදිරිපත් කරන්න - මුලතිව් අධිකරණය

යුද්ධයේ අවසන් දින කීපයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනය ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස...

යුද්ධයේ අවසන් දින කීපයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනය ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම් සම්සුදීන් යුද හමුදාවට නියෝග කළේය.

සාක්ෂි සහිතව යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමජිකයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ පවරා ඇති හබයාස්කෝපස් නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය එම නියෝගය සිදු කළ බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ.එස් රත්නවේල් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි ලබා දීමට පැමිණි යුද හමුදා මේජර් ජනරාල් එස් ගුණවර්ධන මීට ඉහතදී මුලතිව් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබුණේ භාර වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතු බවය.

නමුත්, රජය විසින් පුනරුත්ථාපනය කිරීම පිණිස භාර ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනයක් ඔහු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බව කී නීතිඥ කේ.එස් රත්නවේල් එය පිළිගැනීමට නොහැකි බව අධිකරණය හමුවේ දැනුම් දුන් බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ජනවාරි 30 වෙනිදා ඊට අදාළ නාමලේඛනය ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා නියෝග කළ බව ද ඔහු පැවසීය.

යුද හමුදාව වෙත භාර වූ ලද එල්ටීටීඊ සාමාජිකයින් හාරසීයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදහන් වී ඇති බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් මුලතිව් අධිකරණය වෙත හබයාස්කෝපස් නඩු දාහතරක් ගොණු කොට තිබේ.

එල්ටීටීඊ සාමාජිකයන් යුද හමුදාව විසින් භාර ගනු ලැබූ අවස්ථාවේදී සාක්ෂිකරුවන් වශයෙන් කතෝලික පූජකවරු දෙදෙනෙකු යුද හමුදාව විසින් පත් කොට සිටි බව කී නීතිඥ කේ.එස් රත්නවේල් එල්ටීටීඊ සාමාජිකයින් රැගෙන යන අවස්ථාවේ එම පූජකවරුන් ද යුද හමුදාව විසින් බස් රථ වල නංවා ගනු ලැබ ඇතැයි පැමිණිල්ලේ සඳහන් කොට ඇති බව කියා සිටියේය.

නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කතෝලික පූජකවරුන් දෙදෙනා ද මේ වන විට අතුරුදහන් වී ඇති බවට වවුනියාව අධිකරණයේ නඩු දෙකක් ගොනු කොට ඇති බවය. 

- BBC-



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8007960563403300957

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item