දින 100 ගත්ත ඉතා විශාල ණය වලින් කලේ මොනවද?

ආණ්ඩුවේ සීනි බෝල වලට ජනතාව රැවටිය යුතු නැති බවත්, ගෙවුනු කාලයේ මිල අඩු කරනු ලැබුවේ කොත්තමල්ලිවල පමණක් වන බවත්, අනෙක් ඒවා නමට අඩු කලත් පාර...

ආණ්ඩුවේ සීනි බෝල වලට ජනතාව රැවටිය යුතු නැති බවත්, ගෙවුනු කාලයේ මිල අඩු කරනු ලැබුවේ කොත්තමල්ලිවල පමණක් වන බවත්, අනෙක් ඒවා නමට අඩු කලත් පාරිභෝගිකයාට එහි අඩුවීමක් නොදැනුන බවත් නමට අඩුකළ දෙයත් එයද පසුව යළි මිල වැඩි කළ බවත් රාජපක්ෂ මහතා කියා

සිටියේ අද (20) කොළඹ දිස්ත්‍රීක් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතාගේ තලංගම මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට සංවර්ධනය කිරීම සඳහා 2014 වසරේ ලබාගත් ණය මුදල් වලට වඩා දින 100 තුළ මේ ආණ්ඩුව විසින් ලබාගත් ණය මුදල් බොහෝ වැඩි බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම මුදල් හොරකම් කරනු ලැබුවේද, එසේත් නැතිනම් පික් පොකට් ගැසුවේද යන්න තමන් නොදන්නා බවත්,කටුනායක අධිවේගී මාර්ගය සෑදීමට යයි කියමින් අවස්ථා 3කදී ණය මුදල් රැගෙන ඇති බවත්,තාම කිසි දෙයක් සිදුකර නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

අලුතින් ගල් කැටයක්වත් පාරකට දමා නොමැති වුවත්, පෑලියගොඩ පෝස්ටර් ඇළවීම සඳහා අලුතින් බිත්තියක් පමණක් සාදා ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 556014783833592800

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item