‘අපිට තාම හනිමූන් වගේ තමයි’ – ගීතා කුමාරසිංහ

“අපි තාම මැතිවරණය පටන්ගත්තා විතරයි. අපි ප්‍රේමයෙන් හනිමුන් එකේ ඉන්න ජෝඩුවක් වගේ තමයි ගණුදෙනුකරන්නේ. අපේ කණ්ඩයමේ කා එක්කවත් තාම තරහ නැහැ...


“අපි තාම මැතිවරණය පටන්ගත්තා විතරයි. අපි ප්‍රේමයෙන් හනිමුන් එකේ ඉන්න ජෝඩුවක් වගේ තමයි ගණුදෙනුකරන්නේ. අපේ කණ්ඩයමේ කා එක්කවත් තාම තරහ නැහැ. හරිම යාලුයි. කණ්ඩායමේ දොළොස්දෙනයි මමයි. මා තමයි එකම මව එකම කාන්තාව යැයි බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා හා එ.ජ.නි. සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගිතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ගොනාපිනුවල ප්‍රදේශයේ පැවති රැස්විමක් අමතමින් ඇය මේ බව සදහන් කළාය. ගිතා කුමාරසිංහ මහත්මිය මේසේද කිවාය.

තවම මා අපේ පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙක් එක්ක තරහවෙලා නැහැ. ප්‍රේමයෙන් මැතිවරණය කරගෙන යනවා. ජනතාව අපෙන් ඇසුවේ ඉල්ලන්නේ මහින්දගෙන්ද කියලා. මා නාම යෝජනා ගන්න සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට ගිහින් කිවේ මා මහින්දවාදියෙක් කියලා. දෙනවානම් නාම යෝජනා දෙන්න කියලා. හැබැයි මා කිවා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරණ එකම ගැහැණිය මා කියලා. අපේ හතුරෝ කියාගෙන යනවා මාව කපන්න ඕන නිසා, මා මෛත්‍රිගේ පැත්තට පනිවි කියලා. මට මෛත්‍රිගේ පැත්තට පනින්න ඕන නම් මා පනින්නේ මිට වසර 25කට කලින් දැන් පැනලා මොනවා කරන්නද?

“ආසනයට කියලා ගෙදරින් ලක්ෂ දෙක තුන ගෙනවිත් තමයි වියදම් කළේ අනේ මටත් මනාපයක් දෙන්න. මහත්වරුන්ට කියන්න ඕන කෙනෙකුට දෙන්න කියලා. කාන්තාවන් මාව නම් අමතක කරන්න එපා. මේදා පාර කකුල් දෙක කැඩෙනකම් මනාප හොයන්න ඇවිදින” බවද ගිතා කුමාරසිංහ මහත්මිය කිවාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 484692975720920465

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item