තිස්ස අත්තනායක ගෙන් නව පක්ෂයක්

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ගිලිහී යන කොටස් ඒකරාශි කිරීමේ සංවිධානයක් ලෙස නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්...

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ගිලිහී යන කොටස් ඒකරාශි කිරීමේ සංවිධානයක් ලෙස නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි දින කිහිපය ඇතුළත එම පක්ෂයේ නම සහ වැඩපිළිවෙල ප්‍රසිද්ධ කරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට සහයෝගය පළ කළා. ඉන් අනතුරුව මාස කිහිපයක් දේශපාලන ක්ෂේත්‍රය නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඔහු යළිත් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට උත්සාහ කරන බව දේශපාලන ආරංචි මාර්ග එවකට වාර්තා කර සිටියා. කෙසේ වෙතත්, පසුගියදා ප්‍රසිද්ධියට පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාමලේඛණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ නමද ඇතුළත් වී තිබුණා. ඉන් පසු සන්ධාන දේශපාලන රැස්වීම් කිහිපයකටද ඔහු සහභාගිව සිටියා. ඔහුගේ මෙම දේශපාලන හැසිරීම පිළිබඳව සමාජයේ විවිධ කතාබහ ඇතිවු අතර එහිදී නැගුණු එක් චෝදනාවක් වූයේ යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නොහැකි වූ නිසා ඔහු සන්ධාන ජාතික ලැයිස්තුවෙන් එක්වූ බවයි. එමෙන්ම ඔහුට දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති බවටද ඇතැම් පිරිස් චෝදනා කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8172627476204716632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item