මාගම්පුර වරායෙන් රට හරක් 1250 ක් මෙරටට

ඔස්ට්‍රෙලියාවේ සිට මෙරටට ගෙන්වන ලද රට හරක් 1250 ක් මාගම්පුර වරායෙන් ගොඩ බෑම සිදුකෙරිණි. උසස් තත්වයෙන් යුතු කිරිගවයින් 1250 දෙනාම ගැබ්බරව ...

ඔස්ට්‍රෙලියාවේ සිට මෙරටට ගෙන්වන ලද රට හරක් 1250 ක් මාගම්පුර වරායෙන් ගොඩ බෑම සිදුකෙරිණි. උසස් තත්වයෙන් යුතු කිරිගවයින් 1250 දෙනාම ගැබ්බරව ඇති බව ත් සියළුම සතුන් අම්බලන්තොට රිදියගම රජයේ සත්ව ගොවිපල වෙත ලොරි රථවලින් රැගෙන යෑම සිදු කෙරිණි.

පශු සම්පත් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ මෙම සතුන් ගෙන්වන ලද අතර රිදියගම සත්ව ගොවිපලේ රඳා තබා පැටව් ලැබුණු පසු කිරි ගොවීන්ට ලබා දිමට ද සැලසුම් කර ඇත.දැනට ක්‍රියාත්මක නිදැළි ක්‍රමය යටතේ කිරි කර්මාන්තය අසාර්ථක වෙමින් පවතින හෙයින් ගෘහස්ථ ක්‍රමයට උසස් තත්වයේ ගවයින් කිහිප දෙනෙක් ඇති කිරීමෙන් කිරි ගොවියාට ඉහළ ආදායමක් ලබා ගත හැකි බව පශු සම්පත් මණ්ඩලයේ උපදේශක පශු වෛද්‍ය එස්.ඩී කඩුවෙල මහතා කීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5605053221194401358

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item