අල්ලා දුන්නොත් ඩොලර් මිලියන 3.8ක මුදලක්
මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධි ආරක්ෂක බන්ධනාගාරයකින් පලා ගොස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. එලෙස පළා ගිය එල්.චාවෝ...
https://www.sathhanda.com/2015/07/38.html
එලෙස පළා ගිය එල්.චාවෝ උස්මාන් නැමැති අයව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් මේවන විට පුළුල් කර ඇත. එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට උදව් වන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 3.8ක මුදලක් ලබා දෙන බව මෙක්සිකෝව පවසයි.
අත්අඩංගුවේ පසුවු මෙක්සිකෝවේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වු මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් පැන ගොස් ඇත්තේ කිලෝමිටර් 1හමාරක උමං මාර්ගයක් තුළිනි.
මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක කොමසාරිස්වරයා සදහන් කළේ ඔහු බන්ධනාගාරයෙන පලා ගිය දිනයේදී ඔහු බන්ධනාගාරයේ සිටි ඇති බවට ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන් වී තිබු බවයි. එම අවස්ථාවේදී එම බන්ධානාගාරයේ ආරක්ෂ අංශයේ සේවයේ සිටි නිලධාරින් පිරිසක් මෙම පළායාමත් සමග සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙන්ටිමිටර් 50ක ප්‍රමාණයකින් සහිත මෙම උමග කාලයක සිට සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව අනාවරණ වී ඇත.
මීට පෙරද 1993වසරේදී ඔහු අත්අඩංගුවට පත් වු අතර 2001වසරේදී සිරෙන් පැන ගොස් තිබේ.


Related