මහින්දගේ මනාප අංකය 16 ?

මහමැතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව තම තමන්ට හිමි මනාප අංක නිකුත් කෙරෙන සෑම අපේක්ෂකයෙකුම මේ වන විට නොඉවසිල්ලන් යුතුව බලාසිටිති. ...

මහමැතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව තම තමන්ට හිමි මනාප අංක නිකුත් කෙරෙන සෑම අපේක්ෂකයෙකුම මේ වන විට නොඉවසිල්ලන් යුතුව බලාසිටිති.

අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත් කිරීම බොහෝ විට හෙට (15 ) සිදුවීමට නියමිතව ඇති අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග වදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි මනාප අංකය කුමක්දැයි බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවෙති. මනාප අංක සකස් කෙරෙන්නේ නාමයෝජනාපත‍්‍රවල සදහන් අපේක්ෂකයින්ගේ නම් සිංහල අකාරාදී පිළිවෙළට පෙළගැස්වීමෙන් වන අතර අප වෙබ් අඩවිය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවදින ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයින්ට හිමි වන මනාප අංක අනුමාන කිරීමකට යම් උත්සාහයක් දරනු ලැබීය. අපගේ උත්සාහයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නම් සිංහල අකාරාදී පිළිවෙළට පෙළගැස්වීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු මනාප අංක පහත දැක්වෙන පරිදි වෙයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී තරග කිරීමට සිදු වනු ඇත්තේ අංක 16 යටතේය.

( මෙය කිසිසේත්ම නිල මනාප අංක ලේඛණයක් නොවන අතර අප විසින් සිදු කර ඇත්තේ අපේක්ෂක ලැයිස්තු සිංහල අකාරාදී පිළිවෙළට නිවැරදිව පෙළගැස්සවීම පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙහි ඇති නිවැරදිබව මනාප අංක නිකුත් කළ පසුව තහවුරු කරගත හැකි වනු ඇත. )

එක්සත් ජනතා නිදහස් සන්ධානය

01. අතුල විජේසිංහ
02. අනුර ප‍්‍රියදර්ශන යාපා
03. ඒ. එම්. පත්මසිරි
04. අසංක නවරත්න
05. නිමල් විජේසිංහ
06. ආර්. ඩී. විමලදාස
07. ඉන්දික බණ්ඩාරනායක
08. ඩී. බී. හේරත්
09. ටී. බී. ඒකනායක
10. ශාන්ත බණ්ඩාර
11. ජයරත්න හේරත්
12. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
13. දයාසිරි ජයසේකර
14. දර්ශනී වික‍්‍රමසිංහ
15. තාරානාත් බස්නායක
16. මහින්ද රාජපක්ෂ
17. සාලින්ද දිසානායක
18. සුජානි මහේෂිකා


එක්සත් ජාතික පක්ෂය.

01. අකිල විරාජ් කාරියවසම්
02. අචිනි හේරත්
03. අජිත් රෝහණ
04. මොහාන් පෙරේරා
05. තුෂාර ඉදුනිල් අමරසේන
06. ජේ. සී. අලවතුවල
07. අශෝක අබේසිංහ
08. එස්. බී. නාවින්න
09. එම්. එස්. පෙරේරා
10. ගාමිණී ජයවික‍්‍රම
11. ජගත් මංජුල යාපා
12. එච්. එම්. ජයරත්න
13. එච්. බී. තෙන්නකෝන්
14. නලින් බණ්ඩාර ජයමහ
15. ප‍්‍රසන්න ශමල් සෙනරත්
16. බන්දුල බණ්ඩාරනායක
17. කුමාරදාස ගිරිබාව
18. සෙයිගු සිහාබ්දීන් මොහොමදු සාගි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5274235910146354534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item